ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

දෙවන ටෙස්ට් තරගයෙනුත් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: ඉන්දියාවට 2-0ක ජයක්

by Staff writer 14-03-2022 | 9:04 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම අද (14) ජය ගත්තේ ය.

ඒ තරගාවලියේ දෙවැනි තරගය ද ලකුණු 238කින් ජය ගනිමිනි. ලකුණු 447ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 208කට දැවී ගියේ ය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 160කදී බිඳ වැටිනි. කුසල් මෙන්ඩිස් ලකුණු 54කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 12 රැස් කළේ ය. චරිත් අසලංක ලකුණු 5කට දැවී ගියේ ය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 14 වැනි ටෙස්ට් ශතකයයි. දිමුත් ලබාගත් ලකුණු ගණන 107කි.