ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක..

ඉන්දීය පළමු ඉනිම 252කට සීමා වුණත් ශ්‍රී ලංකාව අසීරු අඩියක..

by Staff Writer . 13-03-2022 | 7:13 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (13) දෙවන දිනටත් බැංගලූරුහීදී පැවැත්වේ.

දිවා / රාත්‍රී ටෙස්ට් තරගයක් වන මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා දැවී ලකුණු 252කට දැවී ගියේය. ටෙස්ට් පිටියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ශයාර්ස් අයියර් සමත් වූ අතර දැවී යනවිට ඔහු ලකුණු 92 හිමි කරගෙන සිටියේය. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12) දිනයට තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 86 කි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43 කට දැවී ගියේය.