ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද ඇරඹේ

ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද ඇරඹේ: ශ්‍රී ලංකාවේ 300 වැනි තරගය, කෝලිගේ 100 වැනි තරගය, දිමුත්ගේ 75 වැනි තරගය

by Staff Writer . 04-03-2022 | 7:59 AM

COLOMBO (News 1st) - ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (04) ආරම්භ වීමට නියමිතය.

තරග 2 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය මොහාලිහීදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන 300 වැනි ටෙස්ට් තරගය මෙය වීම විශේෂත්වයකි. මේ අතර ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි සහභාගී වන 100 වැනි ටෙස්ට් තරගය ද මෙය වන අතර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ 75වන ටෙස්ට් තරගය ද මෙය වේ. අද (04) තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30 ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.