එන්නත ලබා නොගත් පුද්ගලයින්ට නිවේදනයක්..

කොරෝනා මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින්ට නිවේදනයක්..

by Staff writer 27-02-2022 | 7:10 AM

COLOMBO (News 1st) - එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින්ට මේ වනවිට තම ප්‍රදේශයේ සෞඛ්‍යා වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා එන්නත් ලබා ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ , හැකි ඉක්මණින් ජනතාව එන්නත්කරණයට යොමු වන ලෙසය. මේ අතර, තවත් කොරෝනා මරණ 24 ක් ඊයේ(27) දිනයේ වාර්තා විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ පෙරේදා තහවුරු කළ බවය. තවත් කොරෝනා ආසාදිතයින් 988 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණි. ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 644,060 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.