by Staff writer 27-02-2022 | 10:36 PM
COLOMBO (News 1st) - ශ්රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ, අද පැවති තුන්වන සහ අවසන් තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගිනි.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින් ජයග්රාහී ඉලක්කය පසු කළේය.