T20 තරගාවලි⁣යේ ජය ඉන්දියාවට

තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ඉන්දියාවට

by Staff Writer . 26-02-2022 | 11:21 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් සිටී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 17යි පන්දු 1ක් අවසානයේදී කඩුලු 3ක් දැවී තිබියදී ලකුණු 186ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් විය.