EPF නොගෙවූ සේවා යෝජකයින්ට නඩු ..

EPF නොගෙවූ සේවා යෝජකයින්ට නඩු 15,000ක්..

by Staff writer 24-02-2022 | 4:58 PM

COLOMBO (News 1st) – සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ව්‍යවස්ථාපිත දිමනා නොගෙවූ සේවා යෝජකයින්ට එරෙහිව නඩු 15,000ක් පමණ පැවරීමට පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පැවසුවේ, මෙහිදි අධිකරණ කටයුතුවල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා කම්කරු උසාවි සඳහා අධිකරණ බලය ලබා ගැනීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් සකස් කරමින් ඇති බවයි.