වී අලෙවි මණ්ඩලයෙන් දැනුම් දීමක්

වී අලෙවි මණ්ඩලයේ ශාඛාවලට අස්වැන්න ගෙනාවොත් වැඩි මිලක් - වී අලෙවි මණ්ඩලය

by Staff Writer . 13-02-2022 | 9:26 AM

COLOMBO (News 1st) - වී මෙට්ට්‍රික් ටොන් 31,600ක්, වී අලෙවි මණ්ඩලය මේ වනවිට මිලදි ගෙන තිබේ.

එහි සභාපති, නීල් ද අල්විස් මහතා සඳහන් කළේ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, වැනි ප්‍රදේශවලින් මේ වනවිට වී මිලදි ගෙන ඇති බව ය. නාඩු වී කිලෝගෑම් 01ක් රුපියල් 90ක්, සම්බා වී කිලෝගෑම් එකක් රුපියල් 92ක්, කීරි සම්බා වී කිලෝ ගෑම් එකක් රුපියල් 95 ක මිලකට මිලදී ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේ ය. නීල් ද අල්විස් මහතා සඳහන් කළේ, වී අලෙවි මණ්ඩලයේ ශාඛාවලට වී ගෙනවිත් දෙන්නේ නම් නාඩු වී කිලෝගෑම් එකක් රුපියල් 92 ක්, සම්බා වී කිලෝගෑම් එකක් රුපියල් 94 ක්, කීරිසම්බා වී කිලෝගෑම් එකක් රුපියල් 97 ක මිලකට මිලදී ගන්නා බව ය.