by Staff Writer . 07-02-2022 | 4:31 PM
COLOMBO (News 1st) –මහනුවර, වත්තේගම, මඩවලදී පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ අද දහවල් පුද්ගලයින් සිව්දෙනෙකු තාප්පයක් බැදීම සදහා කණ්ඩියක් කපන අතරතුර පස්කන්ද කඩා වැටී ඇති බවයි.
පස්කන්දට යට වී සිටි පිරිස බේරා ගැනීමෙන් පසුව කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහරෝහලට මාරු කර යැවු බව පොලිසිය පැවසී ය.