සුදත්ත තිලකසිරි CID යට..

සුදත්ත තිලකසිරි CID යට..

by Staff Writer . 15-01-2022 | 12:54 PM

COLOMBO (NEWS1ST) : සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි තමන්ට දැනුම් දී ඇති බව සුදත්ත තිලකසිරි මහතා පසුගියදා සමාජ මාද්‍යයට ප්‍රකාශක් නිකුත් කරමින් සඳහන් කළේ ය. ඒ අනුව අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීමටයි. මේ අවස්ථාවට කලාකරුවන් සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස්ද පැමිණ සිටියේ ය.