12ට වැඩි ළමුන්ට පළමු මාත්‍රාව ළඟදීම

අවුරුදු 12ට වැඩි දරුවන්ට කොරෝනා මර්දන පළමු එන්නත දෙන්න සැලසුම්

by Staff Writer . 23-12-2021 | 7:42 AM

COLOMBO (News 1st) - අවුරුදු 12ට වැඩි පාසල් දැරුවන් සඳහා කොරෝනා මර්දන පළමු එන්නත ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, අවුරුදු 16ට වැඩි පාසල් දරුවන් සඳහා දෙවන එන්නත ලබාදීමට ද පියවර ගෙන ඇති බව ය. මේ අතර වයස අවුරුදු 20 ට වැඩි පිරිස් සඳහා තෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.