වල්සපුගල ගොවීන් තවදුරත් උපවාසයේ

වල්සපුගල ගොවීන් තවදුරත් උපවාසයේ

by Staff Writer . 22-12-2021 | 7:40 AM

COLOMBO (News1st) :  වල්සපුගල ගොවින් යළි ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

ඔවුන් ඊයේ දිනයේ සිට යළිත් උපවාසයක නිරතවන්නේ, හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධ ගැටලුවට රජය ලබා දී ඇති විසඳුම ගැන සෑහීමට පත් විය නොහැකි බව පවසමිනි. හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි, ඉල්ලමින් පසුගිය ජනවාරි 18 වැනිදා වල්සපුගලදී ඇරඹූ දින 105 ක සත්‍යග්‍රහය අවසන් කෙරුණේ ඊට විසඳුම් දෙන බවට බලධාරින් පොරොන්දුවීම හේතුවෙනි.