ලෝක ශූරතා බර ඉසිලීමේ ජයග්‍රාහකයින් දිවයිනට

මෙරට බර ඉසිලීමේ ඉතිහාසය අලුත් කළ ක්‍රීඩකයින් දිවයිනට

by Staff writer 19-12-2021 | 1:37 PM

COLOMBO (News 1st) - ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (19) අලුයම දිවයිනට පැමිණියේ ය.

ඔවුන් දිනාගත් මුලු පදක්කම් ගණන 7 කි. ඒ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් ලෙස ය. ශ්‍රී ලංකා බර ඉසිලීමේ ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් ජයග්‍රහණය කළ තරගාවලිය ලෙස මෙම තරගාවලිය ඉතිහායසට එක්වේ. ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ තරගාවලිය උස්බෙකිස්ථානයේදී පැවැත්විය.