එංගලන්ත පළමු ඉනිම 236ට සීමාවෙයි

එංගලන්ත පළමු ඉනිම 236ට සීමාවෙයි, ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්..

by Staff writer 19-12-2021 | 9:41 AM

COLOMBO (News 1st)  -එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ, දෙවන තරගයේ හතර වන දිනය අදයි (19) ,

තරගය අද (19) ඇඩ්ලේහීදී පැවැත්වේ. ඊයේ (18) දිනය සදහා තරගය නතර කරන විට, දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංබ්‍යාව ලකුණු 45 කි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිම අත්හිටවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 473 ක් රැස් කරගෙන සිටියදී ය. එංගලන්ත කණ්ඩායම පළමු ඉණිම සදහා ලකුණු 236ක් රැස් කළේ ය.