කලම්බෝ ස්ටාර්ස් Semi Final යයි

ජෙෆ්රි වැන්ඩසේ කලම්බෝ ස්ටාර්ස් Semi Final රැගෙන යයි

by Staff writer 18-12-2021 | 6:07 AM

COLOMBO (News 1st) : ලංකා ප්‍රීමියර් ලීග්(LPL) 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ , කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 58 කින් ජය ගනිමින් ය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් රැස් කළේ ය. කුසල් පෙරේරා ලකුණු 58 ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 44 කි. ඒ අනුව, ලකුණු 183 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 124 ක් පමණි. ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 25 කට කඩුලු 6 ක් දවා ගත්තේ ය.