ඉන්දික සහ සුදේෂ් අද තරග බිමට

ඉන්දික දිසානායක සහ සුදේෂ් පීරිස් අද තරග බිමට

by Staff Writer . 10-12-2021 | 8:29 AM

COLOMBO (News 1st) - ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලිය උස්බෙකිස්ථානයේදී අද (10) සිව්වැනි දිනටත් පැවැත්වේ

අද (10) දිනයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දික දිසානායක සහ සුදේෂ් පීරිස් තරග බිමට නියමිතය. ඔවුන් තරග වදින්නේ කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙනි. එම තරග අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රීමාලී සමරකෝන් කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර තිලංක පලඟසිංහ කිලෝ ග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය .