ජයග්‍රහණය කොදෙව්වන්ටද? ශ්‍රී ලංකාවටද?

ධනංජයගේ විශිෂ්ට ශතකයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා පිලේ ඉරණම කුමක් වෙයිද? තීරණය අද..

by Staff Writer . 03-12-2021 | 9:24 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 08 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 328කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 153 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 25 ක් රැස් කරගෙන සිටියේය තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 204 ට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 253 ක් රැස් කළේ ය .