වෘත්තිය වශයෙන් නීතිඥයින් හැරුණු කොට තමන් වඩාත්ම සමීප වූයේ, මාධ්‍යවේදීන්ට බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එනිසා ම එදා තමන් මුහුණ දුන් සිදුවීමක් ද මෙලෙස සිහිපත් කළේ ය.''ජනප්‍රිය තීන්දු වෙනුවට අමාරු අසීරු තීන්දු ගන්න වෙන යුගයකට තමයි අපේ ආණ්ඩුව දැන් පත්වෙලා ඉන්නේ ඒ අමාරු තීන්දු ගන්න අපි සූදානම්, රට වෙනුවෙන් ඒ තීන්දු ගන්න වෙන්නේ දේශපාලන අනාගතය උකස් කරලා එහෙම තීන්දු ගන්න කොට රට වෙනුවෙන් මේ රටේ මාධ්‍ය ඉතාම වගකීමෙන් ක්‍රියා කරයි කියලා අපි හිතනවා''
ආණ්ඩුකරණයේදී මාධ්‍යට ඇති බලය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ආණ්ඩුවක් බලයට ගෙන ඒමට මෙන්ම ආණ්ඩු පෙරළීමේ හැකියාව ද මාධ්‍ය සතු බවයි. කෙසේ වෙතත් මාධ්‍යට ආණ්ඩු රැකිය නොහැකි බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, ආණ්ඩුව රැක ගැනීමේ හැකියාව ඇත්තේ, ආණ්ඩු කරන්නන්ට පමණක් බවයි.''වෘත්තීය වශයෙන් නීතිඥවරු ඇරුණම මම වැඩිපුරම සමීප වුණේ ජනමාධ්‍යවේදීන්ට, මට මතකයි එදා මම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකට එනකොට එදා ජනාධිපති තුමිය කිව්වා ඔන්න රිපෝටර් එනවා කියලා, මම කිව්වා මම රිපෝට් නෙමෙයි එඩිටර් කියලා, මම පත්තර වලට තොරතුරු දුන්නේ සංස්කරණය කරලා, පක්ෂයටවත් මටවත් හානි නොවන විදියට''
''අපව බලයට ගේන්න මාධ්‍යවේදීන් ලොකු සේවයක් කළා. නමුත් දැන් අපි චෝදනා කරනවා මාධ්‍ය දැන් අපිත් එක්ක නෑ කියලා. මේක අමුතු දෙයක් නෙවෙයි. මාධ්‍යට ආණ්ඩු හදන්න පුළුවන්. ආණ්ඩු පෙරළන්නත් පුළුවන් ආණ්ඩුවක් බලයට ගේන්න පුළුවන්. හැබැයි මාධ්‍යට ආණ්ඩු රකින්න බෑ. ආණ්ඩුව රැක ගන්න පුළුවන් ආණ්ඩුව කරන අයට විතරයි. මාධ්‍ය ආණ්ඩුව රකින්න ගියොත් මාධ්‍යට මීට වඩා ලොකු රක්ෂණයක් දෙන්න වෙයි. ඒක මාධ්‍යවේදීන් තේරුම් ගත්තාට අපේ අය තේරුම් අරගෙන නෑ වගේ කියලා මට හිතෙනවා''