ශ්‍රී ලංකා ඉනිම ලකුණු 204කට සීමා වෙයි

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 204කට සීමා වෙයි

by Staff writer 30-11-2021 | 10:31 PM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ක් රැස් කර ගෙන සිටියේ ය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගයේ දෙවැනි දිනය වන අද (30)පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 204 ක් රැස් කළේ ය. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ , නායක ක්‍රෙයිග් බ්‍රත්වෙයිට් සහ ජර්මෙයින් බ්ලැක්වුඩ් ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 62 කි. ජර්මෙයින් බ්ලැක්වුඩ් ලකුණු 44 කට දැවී ගියේ ය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.