ගාලු ක්‍රිකට් පිටිය ප්‍රේක්ෂකයින්ට විවෘත වෙයි

ගාල්ල ටෙස්ට් තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාවක්

by Sagarika Chathumali 23-11-2021 | 9:19 PM

COLOMBO (NEWS1ST) :   සීමා කිරීම්වලට යටත්ව  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා හෙට (24) සිට  ප්‍රේක්ෂකයින්ට අවසර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව, පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයින්ට (ගාල්ල ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාවෙන් 50%කට) තරගය නැරඹීමට පැමිණිය හැකි ය. මීට අමතරව තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් එන්නත්කරණයට ලක් ව ඇති බවට වන සාක්ෂියක් (කාඩ්පත) ඉදිරිපත් කළ යුතු ය. ක්‍රීඩාංගණයට ඇතුල්වීමට අවම වශයෙන් දින 14 කට පෙර, 2 වන එන්නත ද ලබාගෙන තිබිය යුතු ය. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය හෙටයි.