කොදෙව් පළමු ඉනිමට වර්ෂාවෙන් බාධා...

කොදෙව් පළමු ඉනිමට වර්ෂාවෙන් බාධා...

by Staff Writer . 23-11-2021 | 10:16 PM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි .

පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් අද (23) දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 224 කි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද(23) තුන්වැනි දිනය සඳහා ආරම්භ කරන විට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 113 ක් රැස් කර ගෙන සිටියේ ය. කයිල් මේයර්ස් ලකුණු 45 ක් රැස් කළේ ය . ජේසන් හෝල්ඩර් ලකුණු 36 යි. ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 බැගින් දවා ගත්තතේ ය . තරගයේ දිවා විවේකයෙන් පසු ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ පන්දුවාර 5 ක් පමණි. කොදෙව් ක්‍රීඩකයින් පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 224 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය . තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 386 ක් රැස් කළේ ය.