by Staff Writer . 21-11-2021 | 9:06 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(21) ගාල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
තරගය පළමු දිනය සඳහා නතර කරන විට ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 267කි.
රන්ජන් මඩුගල්ලේ මහතා තීරකවරයෙකු ලෙස කටයුතු කරන 200 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි.
තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සමග පැතුම් නිස්සංක ලකුණු 139ක සබඳතාවක් ගොඩනැගුවේය.
අද ටෙස්ට් වරම් දිනූ 26 හැවිරිදි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ, පන්දුව හිසේ වැදීමෙන් ආබාධයකට ලක් වීම නිසා රෝහල්ගත කෙරිණි.
2වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් පැතුම් නිස්සංක ලකුණු 56යි.
ඕෂධ ප්‍රනාන්දුට සහ ඇන්ජලෝ මැතිව්ස්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය.
13 වැනි ටෙස්ට් ශතකය ලබා ගත් නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 132යි.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 56ක් රැස් කරගෙන සිටියේය.