මහේල ජයවර්ධන ත් ICC Hall of Fame ලැයිස්තුවට

මහේල ජයවර්ධන ත් ICC Hall of Fame ලැයිස්තුවට

by Staff Writer . 13-11-2021 | 4:47 PM

COLOMBO (NEWS1ST):  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය " හෝල් ඔෆ් ෆේම් " සම්මානය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන මහතාගේ නම ඇතුළත් කර තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය මෙයයි. මහේල ජයවර්ධන මහතාට අමතරව තවත් විශිෂ්ට ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළ " හෝල් ඔෆ් ෆේම් " ක්‍රීඩක ලැයිස්තුව ඇතුළත් වෙති. එලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෂොන් පොලොක් සහ එංගලන්ත හිටපු ක්‍රීඩිකා ජනට් බ්‍රිටින් ය.

මීට පෙර ICC Hall of Fame ක්‍රීඩකයින් ලෙස සම්මානය දිනාගත් විශිෂ්ටයින්ගේ ලැයිස්තුව