ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව අතරට ගිය විපක්ෂ නායක

by Staff Writer . 12-11-2021 | 10:23 PM

COLOMBO (NEWS1ST):  පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (12) පෙරවරුවේ පුත්තලම නාත්තණ්ඩිය ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාව හමුවිය.

දින ගණනාවක සිට ජල ගැලීම්වලින් තමන් විඳින පීඩාව ජනතාව මෙහිදී විපක්ෂ නායකවරයා ඉදිරේ පැවසී ය. පීඩාවට පත් ජනතාව හමුවීමෙන් පසු විපක්ෂ නායකවරයා මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ, මැති ඇමතිවරුන් පොළොවේ පය ගසා ජනතාව විඳින දුක වේදනාව අවබෝධ කරගත යුතුව ඇති බවයි. ඒ අනුව පාලකයන්ට සිය අදෝනාවන් පසෙකින් තබා ජනතා දුකට සවන් දීමට කාලය එළැඹ ඇතැයි, ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.