ඔස්ට්‍රේලියාව T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට..

ඔස්ට්‍රේලියාව T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට..

by Staff Writer . 12-11-2021 | 10:39 AM

COLOMBO (NEWS1ST):  පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

ඒ ඩුබායිහිදී පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී පකිස්ථාන කණ්ඩායම කඩුලු 5කින් පරාජය කිරීමත් සමගයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 176 කි. ලකුණු ලබාගැනීමේදී මොහොමඩ් රිස්වාන් ලකුණු 67ක් සහ එෆ්.ෂාමන් ලකුණු 55ක් රැස් කළේ ය. පන්දුයැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු දෙකක් දවාගත්‌තේ ය. ජයග්‍රහණය සදහා ලකුණු 177ක ඉලක්කයක හඹායෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සුපුරා ගත්තා. ඩේවිඩ් වෝනර් ලකුණු 49යි. පන්දුයැවීමේදී ෂාදබ් ඛාන් කඩුළු 4ක් දවාගත්තා ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පන්දුවාර 20 යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙයයි. ඔවුන් 2010 වසරේදී අනුශුරයින් බවට පත්විය. මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලබන 14 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්තය අතර ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.