වනිඳු පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු තැනට

වනිඳු 20/20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු තැනට

by Staff Writer . 03-11-2021 | 3:01 PM

COLOMBO (NEWS1ST): ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පන්දුවාර 20 යි 20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ සිටී.

ඒ මුළු ලකුණු 776 ක් හිමි කර ගනිමිනි. වනිඳු හසරංග මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවේ. මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පන්දුවාර 20 යි 20 තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානය හිමි කර ගැනීමට ද වනිඳු හසරංග සමත්ව සිටී.