by Staff writer 18-10-2021 | 9:48 AM
COLOMBO (News 1st): ලබන 21 වැනිදා ආරම්භ කරන පාසල්වල රාජකාරි කටයුතු සඳහා සහභාගී වනවාද? නැද්ද? යන්න අද (18)අවසන් තීන්දුවක් ගන්නා බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසයි.
එම සංගම් පෙන්වා දෙන්නේ , සිය ගැටලු පිළිබඳ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණද තවමත් සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවය.
මේ අතර ලබන 21 වැනිදා පාසල් ආරම්භ කිරිමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ , ආරම්භ කෙරෙන පාසල් කටයුතු අධීක්ෂණයට කලාප කාර්යාල නිලධාරීන් සහ ගුරු උපදේශකවරුන් අනියුක්ත කිරීමට උපදෙස් දී ඇති බවය.