by Staff Writer . 06-10-2021 | 12:54 PM
COLOMBO (NEWS1ST) : ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සහකාර ඉංජිනේරුවරයා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරු අද කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මැකීම සම්බන්ධ චෝදනා මත එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය 28 වනදායි.