COLOMBO (News 1st) - 2021 ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය නෝර්වේහි ඔස්ලෝ නුවරදී අද(02) ආරම්භ වේ.
රටවල් 102 ක් මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙක් සහ ක්‍රීඩිකාවක් සහභාගි වී සිටී.
ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය ලබන 10 වැනිදා අවසන් වීමට නියමිතය.
