බංග්ලාදේශ U19 ක්‍රිකට් පිල ලබන මස දිවයිනට

එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට

by Staff writer 26-09-2021 | 1:22 PM

COLOMBO (News 1st) - එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ලබන මස 07 වැනිදා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙම තරගාවලිය සඳහා එක්දින තරග 5ක් ඇතුළත් අතර එය ලබන මස 15 වැනිදා ආරම්භ වීමට නියමිතය. මේ වනවිට ඊට සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය, ජෛව බුබුලකදී පුහුණුවීම්වල නිරත වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන සහ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන ඇතුළු පුහුණුකරුවන් යටතේ කණ්ඩායම ඊට සහභාගී වන බවය.