ද.කොරියාවේ ඉල්ලීම උ.කොරියාව ප්‍රතික්ෂේප කරයි

දකුණු කොරියාවේ ඉල්ලීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කරයි

by Staff writer 24-09-2021 | 3:59 PM

COLOMBO (News 1st) -කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කරන්නැයි දකුණු කොරියාව කළ ඉල්ලීම, උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබේ.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් කරන්නැයි දකුණු කොරියාව කළ ඉල්ලීම, පරිණත තීරණයක් නොවන බවය. කොරියානු යුද්ධය විධිමත්ව අවසන් කරන්නැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළේය. එහෙත් උතුරු කොරියාව පවසන්නේ පවතින දේශපාලන වාතාවරණය සහ අමෙරිකාවේ සතුරු ප්‍රතිපත්තිය පවතිනතුරු, කිසිවක් වෙනස් නොවන බවය. අමෙරිකාව, තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව, උතුරු කොරියාව අවධාරණය කළේය . අමෙරිකා - දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස අවසන් කිරීම ද, උතුරු කොරියාවේ තවත් කොන්දේසියකි . එය සිදුවන තුරු දකුණු කොරියාවේ ඉල්ලීම සළකා බැලිය නොහැකි බව, උතුරු කොරියාව සඳහන් කරයි.