පරාජයට හේතුව ග්‍රාන්ට් ෆ්ලවර්ගේ හෙළි කරයි

වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතුවයි - ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු

by Staff Writer . 13-09-2021 | 4:35 PM

COLOMBO (News 1st) - වැරදි තීරණ ගැනීම තරග පරාජයට හේතු වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා සඳහන් පවසයි.

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය . ග්‍රාන්ට් ෆ්ලවර් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්සහගතව පුහුණුවීම් සිදු කළ යුතු බවය. ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට(14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.