ශ්‍රී ලංකා-ද. අප්‍රිකා තරගයේ ආරම්භක වේලාවේ වෙනසක්

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු T20 තරගය අද: තරගයේ ආරම්භක වේලාවේ වෙනසක්..

by Staff Writer . 10-09-2021 | 12:01 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද(10) ආරම්භ වේ.

දෙරට අතර මේ දක්වා පන්දුවාර 20යි 20 තරග 13ක් පවත්වා ඇති අතර ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර තරග 7ක ජය දකුණු අප්‍රිකාවට හිමිව තිබේ. එක් තරයක් ලකුණු සම වීමෙන් අවසන් වී ඇත. අද තරගය මීට පෙර රාත්‍රී 8.00 ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ තරගයේ ආරම්භක වේලාව සංශෝධනය කර ඇති බවය. ඒ අනුව, අද පැවැත්වෙන දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ කරනු ඇති. තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සවස 6.30ට සැලසුම් කර තිබේ.