ශ්‍රී ලංකා - ද. අප්‍රිකා දෙවන තරගය අදයි..

ද. අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලි⁣යේ ජය ශ්‍රී ලංකාවට අදම ලබාගත හැකි වෙයිද? තීරණාත්මක දෙවන තරගය අදයි...

by Staff writer 04-09-2021 | 9:41 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(04) පැවැත්වේ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 14 කින් ජය ගත්තේය . ඒ අනුව, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පෙරමුණේ පසුවෙයි. තරගාවලි⁣යේ තවදුරටත් රැඳී සිටීමටනම් දකුණු අප්‍රිකාවට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්යය වේ. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගතහොත් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමිවෙයි. තරගය අද (04) සවස 2.30ට කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතය.