by Staff writer 03-09-2021 | 6:02 PM
COLOMBO (News 1st ) - ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ටෙම්බා බවුමාට අහිමි වී තිබේ .
ඒ, ඊයේ(02) නිමා වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ඇඟිල්ලක අස්ථී බිඳී යෑමක් හේතුවෙනි .
ඒ අනුව, ඉදිරි එක්දින තරග දෙකේදී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේෂව් මහරාජ්ට පැවරී තිබේ.
දෙරට අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට(04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.