නවසීලන්තයට දරුණු පරාජයක්..

බංග්ලාදේශය ඉදිරියේ නවසීලන්තයට දරුණු පරාජයක්..

by Staff writer 02-09-2021 | 12:54 PM

COLOMBO (News 1st) -  නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගත්තේය.

ඩකාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තයට පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 60ක් පමණි. නවසීලන්තය වෙනුවෙන් නායක ටොම් ලැතම් සහ හෙන්රි නිකලස් ලකුණු 18 බැගින් රැස් කළේය. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 05 සීමාව පසුකර යෑමට හැකි වූයේ නැත . පන්දු යැවීමේදී මුස්තෆිසූර් රහමාන් කඩුලු 03ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජය වාර්තා කළේය. බංග්ලාදේශ වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 25 යි. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 16 ක් රැස් කළ අතර, නායක මහමදුල්ලා නොදැවී ලකුණු 14 ක් රැස කළේය.