පහන්තුඩාව ඇල්ල අසල අසැබි වීඩියෝවේ සිටි යුවළ දැලේ

පහන්තුඩාව ඇල්ල අසල අසභ්‍ය විඩියෝවේ පෙනී සිටි යුවළ අත්අඩංගුවට

by Staff writer 02-09-2021 | 6:32 PM

COLOMBO (NEWS1ST) :  බලංගොඩ, පහන්තුඩාව දිය ඇල්ල අසල අසභ්‍ය විඩියෝවේ පෙනී සිටි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ , පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. මේ අතර , පහන්තුඩාව දිය ඇල්ල අසල රූගත කර ඇති අසභ්‍ය විඩියෝ දර්ශන ඉවත් කරන්නැයි ද , වෙබ් අඩවි වෙත පොලීසිය දැනුම්දී තිබේ. අදාළ කාන්තාව සහ පුරුෂයා යොදා ගෙන කණ්ඩායමක් විසින් අදාළ ප්‍රදේශයේදී මෙම රූගත කිරීම සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන්  කළේ  ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. අසභ්‍ය අසෝබන වීඩියෝ දර්ශන ළඟ තබා ගැනීම, බෙදා හැරීම සහ නිෂ්පාදනය කිරීම නීතිය යටතේ දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ අසභ්‍ය ප්‍රකාශන සංශෝධන පනත යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.