ශ්‍රී ලංකාවට තවත් පැරාලිම්පික් පදක්කමක්..

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන්ගෙන් පැරාලිම්පික් ලෝකඩ පදක්කමක්..

by Staff writer 30-08-2021 | 5:02 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ සමිත දුලාන් පැරාලිම්පික් F64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද(30) සමත් විය.

ඒ, 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F64 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගයේදීය. මේ අතර ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය. ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි.