ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු අවිශ්ක..

අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට

by Staff writer 17-08-2021 | 11:02 PM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකා ''ඒ '' ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කර තිබේ.

එරට ක්‍රිකට් ආයතනය අද (17) ඒ බව නිල වශයෙන් නිවේදනය කළේ ය. 44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධන මහතා ටෙස්ට් තරග 6 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 61 කදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ.