ඔලිම්පික් සැබෑ ජයග්‍රාහකයා අමෙරිකාව ද? චීනය ද?

2020 ඔලිම්පික් උළෙලේ සැබෑ ජයග්‍රාහකයා අමෙරිකාව ද? චීනය ද?

by Staff writer 15-08-2021 | 9:58 PM

COLOMBO (News 1st): 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සැබෑ ජයග්‍රාහකයින් තමන් බව චීනය පවසයි.

ඩේලි මේල් පුවත්පත මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ. පසුගිය 08 වැනි දා ජපානයේ ටෝකියෝ නුවරදී අවසන් වූ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකින් ලෙස රන් පදක්කම් 39 ක් ඇතුළුව මුළු පදක්කම් 113 දිනාගත් අමෙරිකාව පළමු ස්ථානය දිනා ගත් බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කළේ ය. රන් පදක්කම් 38 ක් ජයග්‍රහණය කළ චීනයට හිමි වූණේ 2 වැනි ස්ථානයයි. නමුත් මෙවර ජය හිමිවුණේ චීනයට බව පෙන්වීමට චීන සමාජ මාධ්‍ය ජාලයක් වන වෙයිබෝ සහ චීන රූපවාහිනී මාධ්‍ය සංශෝධිත පදක්කම් සටහනක් ප්‍රචලිත කළේ ය. එහි සඳහන් වන්නේ, හොංකොං රාජ්‍ය සහ මැකාවෝ රාජ්‍ය දිනා ගත් රන් පදක්කම් සහ චීන තායිපේ දිනා ගත් රන් පදක්කම් දෙක පදක්කම් සටහනට එක් කළ යුතු බවය. එම සියලු පදක්කම එක් කළ විට චීනයට රන් පදක්කම් 42 ක් ඇතුළුව මුළු පදක්කම් 106 ක් හිමි වේ. හොංකො සහ මැකාවෝ රාජ්‍ය චීනය යටතේ පාලනය වන විශේෂ පරිපාලන කලාපයන් දෙකක් වේ. කෙසේ නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හොංකො සහ චීන තායිපේ රාජ්‍යයන් ස්වාධීනව තරග කළ රාජ්‍යන් ලෙස පිළිගෙන තිබේ.