ත්‍රීරෝද රථවලට නොමිලේ කෝවිඩ් ආරක්ෂණ ආවරණ

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් ත්‍රීරෝද රථවලට නොමිලේ කෝවිඩ් ආරක්ෂණ ආවරණ

by Staff writer 11-08-2021 | 4:06 PM
ත්‍රීරෝද රථ රියැදුරන්ගේ මග කියන මිතුරා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් නොමිලේ කෝවිඩ් ආරක්ෂණ ආවරණ කොවිඩ් වසංගතය මෙරට ව්‍යාප්තිය ආරම්භ වීමත් සමගම, එහි ව්‍යාප්තිය අවම කිරීමටත්, එයින් ජන ජීවිතයට සිදුවන බලපෑම් සහ අඩාලවීම් අවම කිරීමටත් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනය බොහෝ සමාජ සුබසාධන ව්‍යාපෘතිවල නිරතවිය. ඔවුන් විසින් දියත්කළ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස දිවයින පුරා ත්‍රීරෝද රථ වෙත මගී ආරක්ෂණ ආවරණ (Covid Passenger Curtains) නොමිලේ බෙදාදීම සිදු කරනු ලැබිණි. එහි ආරම්භක වැඩසටහන ලෙස කොල්ලුපිටිය පොලිස් වසම මූලික කරගෙන තදාසන්න ප්‍රදේශවල ත්‍රීරෝද රථ රියැදුරු මහතුන් වෙත බෙදාදීම සිදු වූ අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ගුණතිලක යන මහත්වරුන්ගේ සහභාගීත්වය සිදු කෙරිණි. එදිනම, මෙම වැඩසටහනට සමගාමීව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතාගේ සහයෝගයෙන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක - ප්‍රජා පොලිස් ඒකකය, එල්.ඒ.යූ.  නාඋරුන්න මහතාගේ මගපෙන්වීමෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටදී ඒ අවට ත්‍රීරෝද රථ වෙතද මෙම ආවරණ ලබා දුන්නේය. කොල්ලුපිටිය පොදු වෙළෙඳපොළ ඉදිරිපිට පසුගිය සෙනසුරාදා දින, ආයතනික සාමාන්‍යාධිකාරී ළහිරු දයානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම ආයතනය කාර්යමණ්ඩලය සාමාජිකයන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව අවසන් කරන ලදී.