by Staff writer 01-08-2021 | 8:43 PM
COLOMBO(News 1st) - ඉතාලියේ මාසල් ලැමොන්ට් ජේකොබ්ස්, 2020 ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ, වේගවත්ම ක්රීඩකයා ලෙස අද කිරුළු පැළඳුවේය .
ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්ය.
2020 ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද(01) සවස පැවැත්විය.
තත්පර 9යි දශම 8යි0ක කාලයක් සටහන් කළ ඉතාලියේ මාසල් ලැමොන්ට් ජේකොබ්ස් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම තමන් සතු කර ගැනීමට සමත් විය .
අමෙරිකාවේ ෆ්රෙඩ් කර්ලි රිදී පදක්කම දිනා ගත්තේය
ලෝකඩ පදක්කම දින ගත්තේ කැනඩාවේ ඔන්ඩේ ඩී ග්රාස් විසිනි.