ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

වායු රයිපල්:2020 ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට: ශ්‍රී ලංකාවේ ටෙහානි⁣ට 49 වැනි ස්ථානය..

by Staff writer 24-07-2021 | 8:56 AM

COLOMBO (News 1st) – 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය.

ඒ අනුව, මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ, ඉසව්වේ අවසන් තරගයේ දී රන් පදක්කම දිනා ගත්තේ චීනයේ ක්යාන් යාංග් විසිනි. ඔලිම්පික් උළෙලේ පළමු රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය. ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය. මේ අතර මෙම ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ටෙහානී එගොඩවෙලට  මූලික වටයේදී 49වැනි ස්ථානය හිම්විය. ඇය ලබාගත් සමස්ත ලකුණු ගණන 611.5කි.     මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ, ජපානයේ ටෝකියෝ නුවරදීය.