කුසල්ට තරගාවලියම අහිමි වෙයි: බිනුරට ODI නැහැ..

කුසල් ජනිත්ට ඉන්දියාවට එරෙහි තරගාවලියම අහිමි වෙයි: බිනුරත් එක්දින තරගවලට නැහැ

by Chathuranga Rajapaksha 16-07-2021 | 12:30 PM

COLOMBO (News 1st): ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20/20 තරගාවලි ක්‍රීඩා කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කුසල්ගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බවය. මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ද ඉන්දියාවට එරෙහි එක්දින තරගය ක්‍රීඩා කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ, ඔහුගේ වම් වළලුකරේ ආබාධයක් හේතුවෙනි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව තරග කාලසටහන මෙසේය. ? එක්දින තරගාවලිය 01වන තරගය – ජූලි 18 (දිවා/රාත්‍රී) 02වන තරග⁣ය – ජූලි 20 (දිවා/රාත්‍රී) 03වන තරග⁣ය – ජූලි 23 (දිවා/රාත්‍රී) ? පන්දුවාර 20යි 20 තරගාවලිය 01වන තරගය – ජූලි 25 (රාත්‍රී) 02වන තරගය – ජූලි 27 (රාත්‍රී) 03වන තරගය – ජූලි 29 (රාත්‍රී)