උස්බෙකිස්ථානය⁣ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

උස්බෙකිස්ථානය⁣ට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබා ගනී..

by Staff writer 14-07-2021 | 6:06 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, උස්බෙකිස්ථානය සමග පැවැති, සුදුසුකම් ලබා ගැනීමේ තරගය, වට 3ට 0ක් ලෙස අති විශිෂ්ට ලෙස ජය ගනිමිනි. තරගය කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය මෙම වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිතය.