බංග්ලාදේශට වාර්තාගත ජයක්

සිම්බාබ්වේට එරෙහිව බංග්ලාදේශට වාර්තාගත ටෙස්ට් ජයක්

by Staff writer 12-07-2021 | 9:52 AM

COLOMBO (News 1st) – සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගය සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 220 කින් ජය ගත්තේ ය.

එම තරගය වාර්තා අතරට එක් වූයේ, බංග්ලාදේශ කණ්ඩායම දෙවැනියට වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් ටෙස්ට් තරගය ලෙසය. හරාරේහිදී පැවැති තරගයේ ජයග්‍රහණයට ලකුණු 477ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 256 කට දැවී ගියේ ය. බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 468ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පළමු ඉනිමට ලබාගත හැකි වූයේ ලකුණු 276ක් පමණි.