මෙරට ක්‍රීඩාවන් අතරට එක්වන අලුත්ම ක්‍රීඩාව..

මෙරට ක්‍රීඩාවන් අතරට එක්වන අලුත්ම ක්‍රීඩාව..

by Staff writer 08-07-2021 | 2:28 PM

COLOMBO (News 1st) – ෆොයිල් වින්ඩ් සර්ෆින් ලංකාවට අලුත් ක්‍රීඩාවකි.

යුරෝපයේ අතිශය ජනප්‍රිය ෆොයිල් වින්ඩ් සර්ෆින් ක්‍රීඩාව සාගරය පමණක් නොව අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව ද සිදු කෙ‌රේ. මෙරට දක්ෂ සර්ෆින් ක්‍රීඩකයෙකු වන උපුල් ද සිල්වා එම ක්‍රීඩාවට යොමු වූයේ විදෙස් රටකට ගොස් සිටි අතරවාරයේදී ය. සර්ෆින් ක්‍රීඩක උපුල් ද සිල්වා
මේක ගොඩාක්ම මේ යුරෝපය ඇතුළේ ප්‍රසිද්ධතාවයට පත් වෙලා ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ. මගේ යාලුවෙක්ගෙන් මේ දේ මං ඉගෙන ගෙන මට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ රටටත් මේක හඳුන්වලා දෙන්න. මොකද මේක විදේශිකයන්ගේ ආකර්ශනය දිනූ අලුත්ම ක්‍රීඩාවක්. මේකට ලොකු හුළඟක් අවශ්‍ය වෙන්නෙත් නෑ. ගඟක මුහුදක, වැවක ඕනම තැනක මේක පදින්නත් පුළුවන්. මේ ඉක්විප්මන්ට් එක මේ වින්ඩ් සර්ෆ් සේල් එක හදන්නේ අපේ ලංකාවේ. අපිටත් ගොඩක් ආඩම්බරයි. මොකද ලංකාවේ මේ වගේ හොද දෙයක් පිට රටවලට යවලා අපිත් ඒ රටවල ඉන්නකොට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා දකිනකොට ඇත්තටම ලොකු අභිමානයක්. අපේ රට ඇතුළේ නිෂ්පාදනය කරන දේවල් අපේ කවුරුහරි බලධාරියෙක්ට හරි කාටහරි පුළුවන් නම් ඒක අඩු මිලකට අපේ තරුණයින්ටත් ලබා දෙන්න පුළුවන් නම් මේක මීට වඩා ව්‍යාප්ත කරන්න පුළුවන්.
ෆොයිල් වින්ඩ් සර්ෆින් ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීම පසුගියදා කල්පිටියේදී සිදු විය.