තුන්වන තරගය වැස්සට සේදෙයි..

තුන්වන එක්දින තරගය වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාවට එංගලන්තය හමුවේ 2-0ක තරගාවලි පරාජයක්..

by Staff writer 04-07-2021 | 10:13 PM

COLOMBO (News 1st) – වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද විසඳුමකින් තොරව අවසන් විය.

ඒ අනුව දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(04) සමත් විය. බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තයේ ආරාධනයෙන්, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි එක් පන්දුවක් අවසානයේ, සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 166 ක් පමණි. පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 9 කට දැවී ගියේ ය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 14 කි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 63 කදී බිඳ වැටුණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක නොදැවී ලකුණු 48ක් රැස් කළ අතර, වනිදු හසරංග ලකුණු 20කට දැවී ගියේ ය. පන්දු යැවීමේ දී ටොම් කරන් කඩුලු 04 ක් දවා ගත්තේ ය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එංගලන්ත පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි.