එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරදී..

එංගලන්තය සමග එක්දින තරගාවලියත් ශ්‍රී ලංකාව පරදී..

by Chathuranga Rajapaksha 02-07-2021 | 8:15 AM

COLOMBO (News 1st): එංගලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

ඒ්, දෙවන එක්දින තරගයෙන් එංගලන්තය කඩුලු 08ක විශිෂ්ට ජයක් ලබා ගැනීම හේතුවෙනි. තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන එංගලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටී. එංගලන්තය සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියත් ශ්‍රී ලංකාව තරග 3-0ක් ලෙස පරාජයට පත්විය. ඊයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 069ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 43ක් අවසානයේදී කඩුලු 02ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය..