නිමාලි මීටර් 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී

නිමාලි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනී

by Staff writer 28-06-2021 | 12:55 PM

COLOMBO (News 1st) :  නිමාලි ලියනාරච්චි, ඉන්දියාවේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්‌තේ ය.

60 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ පතියාලාහිදී පැවැත්වේ. එහි මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය පැවැත්වුණේ ඊයේ දිනයේදීයි. එම තරගයට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි ද සහභාගී විය. පන්ජාබ් ප්‍රාන්තය නියෝජනය කරන හර්මිලාන් බයින්ස් මිනිත්තු 2යි තත්පර 2. 57කින් තරගය අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගත්තා ය. දිල්ලිහි ඒ.චන්දා රිදී පදක්කමට හිමිකම් කීවේ මිනිත්තු 2යි තත්පර 3. 36කින් තරගය අවසන් කරමිනි. ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි ලෝකඩ පදක්කම හිමිකර ගත්තා ය. ඇය තරගය අවසන් කළේ, මිනිත්තු 2යි තත්පර 5. 69ක කාලයකිනි.